Friday, July 26, 2013

Weather



කාලගුණ විපර්යාසය පිළිබඳ ජාත්‍යන්තර වැඩමුළුව මේ මස 30 සහ 31 කොළඹදී

 කාලගුණ විපර්යාසවල බලපෑම සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වැඩමුළුව මේ මස 30 සහ 31 දෙදින තුළ කොළඹ, රේණුකා හෝටලයේදී පැවැත්වේ.ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය, ලෝක වන වගා ව්‍යාප්තිය හා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය එක්ව  එය සංවිධානය කරයි.


මෙහි මූලික අරමුණ වනුයේ කාලගුණික හා දේශගුණික විපර්යාසයන් නිසා සිදුවන හෝ සිදුවිය හැකි ව්‍යසන සඳහා ගත හැකි ක්‍රියා මාර්ග හඳුනා ගැනීමත්, ප්‍රතිපත්ති තීරකයින්ගේ පර්යේෂකයින්ගේ, විද්වතුන්ගේ හා පොදු මහජනතාවගේ අවධානය ඒ සඳහා යොමු කිරීමත්ය.

මෙම අවස්ථාවට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආහාර හා කෘෂිකර්ම සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, අන්තර්  ජාතික ජල කළමනාකරණ ආයතනය, ලෝක කෘෂි සංවර්ධන කේන්ද්‍රය නියෝජනය කරමින් දේශකයින් සහභාගීවීමට නියමිතය.  එක්සත් රාජධානිය, කෙන්යාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ පර්යේෂකයින් මේ සඳහා  සහභාගීවීමට නියමිතය.

Wmqgd .ekSu rcfha m%jD;a;s fomdra;fuska;=j

No comments:

Post a Comment